ජනපතිගේ ඡන්දය

 02/10/2018 - 17:21
56 reads

මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා ජනාධිපති  මෛතී‍්‍රපාල සිරිසේන මහතා  අද (10) පෙරවරුවේ පොළොන්නරුව, නව නගරය, ශ‍්‍රී විද්‍යාලෝක විහාරස්ථානයේ දී සිය ඡන්දය ප‍්‍රකාශ කළා.

අද පෙරවරුවේ ශ‍්‍රී විද්‍යාලෝක විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිවරයා  විහාරාධිපති පූජ්‍ය දෙමුන්නෑවේ ශ‍්‍රී උපරතන නාහිමිපාණන් වහන්සේ බැහැදැක, ආගමික වතාවත් වල නිරතවීමෙන් අනතුරුව  ඡන්දය ප‍්‍රකාශ කිරීමට එක්වුණා.

මෙහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ ජනාධිපතිවරයා  ප‍්‍රකාශ කළේ මෙම පළාත්පාලන මැතිවරණයෙන් පත්වන නව නියෝජිතයින් සමග එක්ව ගම සංවර්ධනය කිරීමේ පුළුල් සංවර්ධන සැලැස්මක් කි‍්‍රයාවට නංවන බවයි.

දශක 04ක ට පසුව කොට්ඨාශ ක‍්‍රමයට පැවැත්වෙන මෙම නව ඡන්ද ක‍්‍රමය හේතුවෙන් රටේ කිසිදු ස්ථානයක ගැටලුවක් ඇති වී නොමැති අතර, ඉතා සාමකාමී අන්දමින් මෙම මැතිවරණය පැවැත්වීමට හැකිවීම පිළිබඳව තමා සතුටුවන බවද ජනාධිපතිවරයා  ප‍්‍රකාශ කළා.

news24.lk
News24
sri lanka news 24
24 news
President Maithripala Sirisena cast his vote