අත්පත්‍රිකා තොගයක් ඡන්ද මධ්‍යස්ථානයක් අසල මාර්ගයට දැමූ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

 02/10/2018 - 16:07
44 reads

පක්ෂ ලාංඡනය සහිත අත්පත්‍රිකා තොගයක් ඡන්ද මධ්‍යස්ථානයක් අසල මාර්ගයට දැමූ සැකකරුවන් දෙදෙනෙකු වැලිකඩ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් පැමිණි ත්‍රීරෝද රථයක් සහ අත් පත්‍රිකා 1782ක් ද පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්.

සැකකරුවන් අලුත්කඬේ අංක 04 මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතර පළාත් පාලන මැතිවරණයේ ඡන්ද විමසීම තවත් පැයකින් අවසන් වීමට නියමිතයි.

ඒ අනුව ඊට පෙර ඡන්ද දායකයන් සිය ඡන්දය භාවිත කරන ලෙසයි පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ඉල්ලීමක් කළේ.

මේ අතර ගාල්ල දිස්ත්‍රික්කයේ ග්‍රාමීය ප්‍රදේශවල ඡන්දය ප්‍රකාශ කිරීම ඉහළ අගයක් ගෙන ඇති බව News24 වාර්තාකරු රවීන්ද්‍ර චන්ද්‍රලාල් සඳහන් කළා.

 

 

news24.lk
News24
sri lanka news 24
24 news