සැකකටයුතු ලෙස ඡන්ද මධ්‍යස්ථාන අසල රැදී සිටි පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට

 02/10/2018 - 15:57
8 reads

කින්නියා ප්‍රදේශයේ ඡන්ද මධ්‍යස්ථාන දෙකක් අසල සැක කටයුතු ලෙස  සැරිසරමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු අද පෙරවරුවේ අත් අඩංගුවට ගෙන තිබෙනවා.

News24 වාර්තාකරු අමදෝරු අමරජීව සඳහන් කළේ ඊට අමතරව තවත් පුද්ගලයින් කිහිප දෙනෙකු මේ වන විට මැතිවරණ නීති  කඩ කිරීම හේතුවෙන් කින්නියා ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මේ අතර පස්වරු 2 න් පමණ පසු වතුකරයේ ජනතාව සිය ඡන්දය ප්‍රකාශ කිරීමට කටයුතු කරනු ඇති බව News24 වාර්තාකරු රංජිත් රාජපක්ෂ සඳහන් කළා.

 

news24.lk
News24
sri lanka news 24
24 news