පුංචි ඡන්දයෙන් පැය 5ක් අවසන් - කාන්තාවන් දැඩි උද්යෝගයෙන්

 02/10/2018 - 15:40
43 reads

2018 පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද විමසීමේ කටයුතු අද පෙරවරු 7ට ආරම්භ වුණා.

ඒ අනුව පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද විමසීමේ කටයුතු ආරම්භ වී මේ වන විට පුරා පැය 5 ක් ගත වී අවසන්.

ගත වූ එම කාලය තුළ දී බොහෝ ඡන්ද දායකයින් යුහුසුළුව සිය ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණ සිටි බවයි News24 වාර්තාකරුවන් සඳහන් කළේ.

කොළඹ නගරය කේන්ද්‍රව ද ඡන්ද දායකයින් මහත් උද්යෝගයෙන් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පැමිණෙමින් සිටින බව News24 විශේෂ නියෝජිත උදිතමාල් හේමචන්ද්‍ර ප්‍රකාශ කළා.

මහනුවර දිස්ත්‍රික්කයේ මේ වන විට පවතින තත්ත්වය අනුව ඡන්දය ප්‍රකාශ කිරීමේදී කාන්තාවන් පෙරමුණ ගෙන ඇති බව News24 වාර්තාකරු හේරත් ඒකනායක සඳහන් කළා.

ගාල්ල මාතර සහ හම්බන්තොට කේන්ද්‍ර දකුණු පළාත තුළ ද මේ වන විට මැතිවරණය හේතුවෙන් උද්යෝගිකාරී තත්ත්වයක් දක්නට ලැබෙන බව News24 වාර්තාකරුවන් සඳහන් කළා.

 

news24.lk
News24
sri lanka news 24
24 news