පුංචි ඡන්දය නිරීක්ෂණයට දේශීය නිරීක්ෂකයින් 12000කට අධික පිරිසක්

 02/10/2018 - 09:46
3 reads

පළාත් පාලන මැතිවරණට අදාළ ඡන්ද විමසීමේ කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා මෙරට මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල සාමාජිකයින් රැසක් එක්ව සිටිනවා.
පැෆරල් සංවිධානය සඳහන් කරන්නේ තම සංවිධානය නියෝජනය කරමින් 7,000 ක පිරිසක් යොදවා ඇති බවයි.
5,000 කට වැඩි පිරිසක් කැෆේ සංවිධානය විසින් ද යොදවා ඇති අතර මැතිවරණ කොමිසන් සභාවේ ආරාධනයකට අනුව ඉන්දියාව මාලදිවයින, දකුණු කොරියාව හා ඉන්දුනීසියාව යන රටවල් නියෝජනය කරමින් විදේශිකයින් 10 දෙනෙකු ද පැමිණ ඇති බව සඳහන්.
ඔවුන් පළාත් පාලන මැතිවරණයේ අධ්‍යයන කටයුත්තක් සඳහා පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

 

news24.lk
News24
sri lanka news 24
24 news