බීමතින් ඡන්දපලට පැමිණියහොත් වැඩ වරදී

 02/10/2018 - 09:37
8 reads

පළාත් පාලන මැතිවරණය හේතුවෙන් අද දිවයින පුරා සුරාසැල් වසා තැබීමට පියවර ගෙන තිබෙනවා.
සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළේ මැතිවරණ කොමිසමේ නිර්දේශ අනුව එම තීරණය ගත් බවයි.
මේ අතර ඡන්ද මධ්‍යස්ථානවලට හෝ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවලට බීමතින් පැමිණීම සම්පූර්ණයෙන්ම තහනම් වනවා.
තවද යම් අපේක්ෂකයෙකු බීමත් පුද්ගලයෙකු අදාළ ස්ථානයන්ට රැගෙන පැමිණ ඊට වැරදිකරු වුවහොත්  ඔහුට ආසනයක් හිමි වුව ද පසුව එම ආසනය අහිමි වනු ඇති බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කරන්නේ.
 

 

news24.lk
News24
sri lanka news 24
24 news