ඡන්දය ප්‍රකාශ කිරීමට කතිරය පමණක් භාවිත කරන්නැයි ඡන්ද දායකයින්ට උපදෙස් - හඳුනාගත් ස්ථාන 167 කට හමුදා නිලධාරීන් 900 ක්

 02/10/2018 - 08:39
7 reads

පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්දය ප්‍රකාශ කිරීමේදී කතිරය පමණක් සළකුණු කළ යුතු බව මැතිවරණ කොමිසම පවසනවා.
එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේ වෙනත් කිසිදු සළකුණක් වලංගු නොවන බවයි.
එමෙන්ම ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා වලංගු හැදුනුම්පතක් රැගෙන උදෑසනම ඡන්ද මධ්‍යස්ථානය වෙත පැමිණෙන ලෙසටයි හෙතෙම ඡන්ද දායකයින්ගෙන්  ඉල්ලා සිටින්නේ.
ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ඡන්ද මධ්‍යස්ථානවල සිට මීටර් 400 ක ප්‍රදේශය තුළ කිසිදු පුද්ගලයෙකු රැදී නොසිටින ලෙසට ද මහින්ද දේශප්‍රිය මහතා සියලු ඡන්ද දායකයින්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
මේ අතර, දිවයින පුරා මැතිවරණ රාජකාරී වෙනුවෙන් පොලිස් නිලධාරීන් 65,000 කට අධික පිරිසක් යොදවා ඇති අතර හඳුනාගත් ස්ථාන 167 ක් සඳහා හමුදා නිලධාරීන් 907 දෙනෙකු යොදවා තිබෙනවා. 

එමෙන්ම හදිසි අවස්ථාවන් සඳහා යෙදවීමට පොලිස් ස්ථාන 489 ක් ඉලක්ක කර ගනිමින් තවත් 6000 කට අධික හමුදා බට පිරිසක් යොදවා ඇති බවයි වාර්තා වන්නේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියා සිටියේ ඡන්ද මධ්‍යස්ථානවල හෝ ඒ අවට ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙන ඕනෑම පුද්ගලයෙකුට වෙඩි තැබීමට වුව ද හැකියාව පවතින බවයි.
එමෙන්ම යම් ස්ථානයක කළහකාරී ක්‍රියාවක් සිදු වුවහොත් එම මධ්‍යස්ථානයේ ඡන්දය අවලංගු කරන බව ද මැතිවරණ කොමිසම ප්‍රකාශ කළා.

 

news24.lk
News24
sri lanka news 24
24 news