නිහඬ කා සීමාවේදී මැතිවරණ නීති උල්ලංඝනය වීම සම්බන්ධයෙන් පැමිණිලි 94ක්

 02/09/2018 - 20:48
13 reads

පළාත් පාලන මැතිවරණයේ ප්‍රචාරණ කටයුතු අවසන්වීමෙන් පසු ආරම්භ වූ නිහඩ කාල සීමාව තුළ මැතිවරණ නීති උල්ලංගනයවීම සම්බන්ධයෙන් පැමිණිලි 94කට අධික ප්‍රමාණයක් ලැබී ඇතැයි පැෆරල් සංවිධානය පවසනවා.
නීති විරෝධී ප්‍රචාරණ පිළිබඳ පැමිණිලි, පහරදීම්, තර්ජනය කිරීම්, ඡන්ද දායකයින්ට බලපෑම් කිරීම්, පෙලපාලි පැවැත්වීම්, දේපලවලට හානි සිදු කිරීම් ආදිය ඒ අතර වන බවයි එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් සඳහන් කළේ.
නිහඩ කාල සීමාව පසුගිය 7 වනදා මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ වුණා.
මේ අතර අද පොලිස් මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියා සිටියේ නිහඩ කාල සීමාව තුළ මැතිවරණ නීති උල්ලංගනය කර ඇති පුද්ගලයින් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

 

news24.lk
News24
sri lanka news 24
24 news