බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු වරදකරුවකු නොවන බව ප්‍රශ්න කිරීම්වලින් පසු යුධ හමුදාව කියයි

 02/09/2018 - 20:07
49 reads

බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා කිසිඳු චෝදනාවට වරදකරුවකු නොවන බව යුධ හමුදාව යළි පවසනවා.
හමුදා මාධ්‍ය ප්‍රකාශක සුමිත් අතපත්තු මහතා සඳහන් කළේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගෙන් සිදුකළ කරුණු විමසීමෙන් අනතුරුව එය අනාවරණ වූ බවයි.
තමන් විසින්  එදින සිදුකළ ක්‍රියාව සිතාමතා සැළසුම් සහගතව සිදු නොකළ බවත් ඒ තුළ කිසිදු නරක චේතනාවක් ගැබ්වී නොමැති බවත් ප්‍රියංක ප්‍රනාන්දු මහතා අදාළ සාක්ෂි විමසීම තුළදී ප්‍රකාශයට පත් කර ඇති බව හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා.
ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාල ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වූ පිරිසකට අභිනයෙන් සිදුකළ දැනුම්දීමක් සම්බන්ධයෙන් බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට එරෙහිව චෝදනාවක් එල්ල වුණා.
ඒ සම්බන්ධයෙන් ඔහුගේ සේවය අත්හිටුවීමට විදේශ කටයුතු අමාත්‍යංශය පියවර ගත් අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මැදිහත් වී අදාළ නියෝගය ඉවත් කරනු ලැබුවා.

 

news24.lk
News24
sri lanka news 24
24 news