හෙට උදෑසන 7ට මැතිවරණය පැවැත්වීමට සියලු කටයුතු සූදානම්

 02/09/2018 - 18:42
44 reads

2018 පළාත් පාලන මැතිවරණය හෙට දින පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සූදානම්.
මැතිවරණය සඳහා සුදුසුකම් ලබා ඇති ඡන්ද දායකයින් 1,57,60,867 දෙනෙකු දිස්ත්‍රික්ක 24 කට අයත් ඡන්ද මධ්‍යස්ථාන 13,374 කදී හෙට දින ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිතයි.
ඡන්ද විමසීම පෙරවරු 7ට ආරම්භ වන අතර එය අවසන් වන්නේ පස්වරු 4ටයි.
වසර 41 කට පසු කොට්ඨාස ක්‍රමයට පැවැත්වෙන පළමු මැතිවරණය මෙය වන අතර ඡන්දය ප්‍රකාශ කිරීමේදී දශක කිහිපයක් පුරා පැවති මනාප ක්‍රමය ද අහෝසි වන අතර ඒ වෙනුවට ඡන්දය ප්‍රකාශ කරන්නේ දේශපාලන පක්ෂවලට හා ස්වාධින කණ්ඩායම්වලට පමණයි.
සභික දූර සියයට 60 ක් කේවල ක්‍රමයට සහ තවත් සියයට 40 ක් සමානුපාතික ක්‍රමය යටතේ තෝරා ගැනෙනු ඇති.
මෙවර මැතිවරනය සඳහා කොට්ඨාස 341 ක ඡන්දය පැවැත්වීමට නියමිතව තිබුණ ද අධිකරණ නියෝග මත ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්දය අත්හිටුවා තිබෙනවා.
ඒ අනුව හෙට දිනයේ පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේදි දිවයින පුරා පිහිටි කොට්ඨාස 340 ක මහ නගර සභා 24ක්, නගර සභා 41 ක්, ප්‍රාදේශීය සභා 276 ක් සඳහා සභිකයින් 8, 356 දෙනෙකු තෝරා පත් කර ගැනීමට නියමිතයි.

 

news24.lk
News24
sri lanka news 24
24 news