ඡන්ද පෙට්ටි ප්‍රවාහනය අවසන් අදියරේ

 02/09/2018 - 16:17
48 reads

පළාත් පාලන මැතිවරණයට අදාළව ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කිරීමේ කටයුතු අද පෙරවරුවේ ආරම්භ වූ අතර මේ වන විට එහි වැඩකටයුතු අවසන් භාගයට පැමිණ ඇති බව මැතිවරණ කොමිසම පවසනවා.
බොහෝ ප්‍රදේශවල එම කටයුතු සාමකාමීව පැවති බවයි එම කොමිසම සඳහන් කරන්නේ.
කෙසේ වෙතත් මහනුවර සහ ගම්පහ දිස්ත්‍රික්කයට අදාළ ඡන්ද පෙට්ටි බෙදා හැරීමේ කටයුතු ප්‍රමාද වී ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර බලපිටිය මාදු ගඟෙන් වට වූ දූපත් 64න් විශාලතම දූපත වන මාදුවේ ජනතාවට ඡන්දය ප්‍රකාශ කිරීමට අදාළ ඡන්ද පෙට්ටිය මෝටර් බෝට්ටුවකින් රැගෙන යනු ලැබුවා. ඒ මැතිවරණ රාජකාරියේ නිරත නිලධාරීන් සහ පොලිස් නිලධාරීන්ගේ ආරක්ෂාව මධ්‍යයේයි.

අක්කර 150කින් යුතු මාදුව දූපතේ පුද්ගලයන් 750ක් ජීවත් වන අතර ඉන් 499 දෙනෙකුට මෙවර ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලැබී තිබෙනවා. ඔවුන්ගේ ඡන්ද මධ්‍යස්ථානය මාදුව දූපතේ පිහිටි මාදුව කනිටු විදුහලේ පිහිටුවා තිබෙනවා.

අනුරාධපුරය

ගාල්ල

නුවරඑළිය

පොළොන්නරුව

ඡායාරූප - අතුල බණ්ඩාර - අනුරාධපුර/ රවීන්ද්‍ර චන්ද්‍රලාල් - ගාල්ල/ගාමිණි බණ්ඩාර - මස්කෙළිය / රොෂාන් තුෂාර - පොළොන්නරුව

news24.lk
News24
sri lanka news 24
24 news