කොටි හිතවාදීන්ට සහය දුන් බ්‍රිතාන්‍ය මන්ත්‍රීන්ට ඇමති නවීන්ගෙන් ලිපියක්

 02/09/2018 - 11:43
892 reads

පසුගියදා බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය  ඉදිරිපිට සිදුකළ  එල්.ටී.ටී. හිතවාදින්ගේ ක්‍රියා කලාපයට වක්‍රව සහාය දැක්විම හෙලා දකිමින් අමාත්‍ය නවින් දීසානායක මහතා බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරුන් දෙදෙනෙකුට ලිපියක් යොමු කර තිබෙනවා.

ඒ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. රයන් සහ සීබෝන් මැක්ඩොන් වෙතටයි.

එම ලිපිය යොමුකරමින් නවීන් දීසානායක අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ බ්‍රිතාන්‍යය  පවා තහනම් කර ඇති ත්‍රස්ත සංවිධානයක ආධාරකරුවන්ට එරෙහිව කිසිදු ක්‍රියා මාර්ගයක් නොගැනිම ත්‍රස්ථ සංවිධානයකට වක්‍රව සහාය දැක්විමක් බවයි.

පෙබරවාරි 04 වනදා යනු ශ්‍රි ලාංකික ජනතාවට මහත් අභීමානවත් දවසක් වන අතර බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට ත්‍රස්ත  සංවිධානයක ධජ ප්‍රදර්ශනය කරමින් විරෝධතා පැවැත්විම තුළින් මෙරට ජනතාව දැඩි කණගාටුවට පත්වු බවද අමාත්‍යවරයා සිය ලිපිය මගින් අවධාරණය කර තිබෙනවා

එහි ආරක්ෂක උපදේශකයෙකු ලෙස ක්‍රියා කරන බ්‍රිගේඩියර් ප්‍රියංකර ප්‍රනාන්දු මහතා රාජ්‍ය තාන්ත්‍රිකයෙකු ලෙස කිසිදු නීතියක් කඩ කර නොමැති බව පවසන අමාත්‍යවරයා ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය  ඉදිරිපිට සිය රටේ ධජය පෙන්විම කිසිදු වරදක් නොවන බවයි අමාත්‍යවරයා යොමුකළ  ලිපියේ දැක්වෙන්නේ.

එය රාජතාන්ත්‍රික මට්ටමේ රේගුලාසි අනුව සිදුකරන ලද්දක්ද බවද එහි සඳහන්.

සංහිදියාවට සහාය දක්වන බව පවසමින් ඔබ දෙපළ  එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ට සහාය පළකර ඇති බව පෙන්වා දෙන අමාත්‍යවරයා එය දැඩි  ලෙස හෙලා දකින බව ද සඳහන් කරනවා.

 

 

news24.lk
News24
sri lanka news 24
24 news
Boris Johnson
John Ryan
Naveen Disanayake
Parliament
protest
LTTE
Independence Day