මැතිවරණයේ ආරක්‍ෂාවට පොලිසියත් වැඩ අරඹයි

 02/09/2018 - 08:28
11 reads

පළාත් පාලන මැතිවරණයේ ආරක්‍ෂාව සඳහා පොලිස් ජංගම සංචාර අද පෙරවරුවේ  ආරම්භ කළ බව පොලීසිය පවසනවා.

සෑම ඡන්ද මධ්‍යස්ථානයක්ම ආවරණය වන පරිදි එම ජංගම සංචාර ක්‍රියාත්මක කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේ.

ඡන්ද පෙට්ටි රැගෙන යාමේ කටයුතු සදහා ද පොලිස් ආරක්ෂාව ලබා දී ඇති බව හෙතෙම කියා සිටියා.

ඡන්දය පැවැත්වෙන අතරතුර දී ඡන්ද මධ්‍යස්ථාන තුළ හෝ ඒ ආසන්නයේ බීමවත්ව කටයුතු කරන පුද්ගලයන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

 

news24.lk
News24
sri lanka news 24
24 news
Local Government elections
police