ඡන්ද පෙට්ටි බෙදා හැරීම ඇරඹෙයි

 02/09/2018 - 07:57
14 reads

පළාත් පාලන මැතිවරණය සඳහා ඡන්ද පත්‍රිකා සහ ඡන්ද පෙට්ට බෙදාහැරීම පෙරවරුවේ ආරම්භ කෙරුණා.

ඡන්ද මධ්‍යස්ථාන 13,374 ක් සඳහා යෙදවීමට නියමිත සියලු නිලධාරීන් ද එම මධ්‍යස්ථාන  කරා  පිටත් කර හරින බවයි මැතිවරණ  කොමසාරිස් ජනරාල් ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා සඳහන් කළේ.

මැතිවරණ රාජකාරී කටයුතු සඳහා යොදවා ඇති  නිලධාරීන් ප්‍රවාහනය, ඡන්ද පෙට්ටි ප්‍රවාහනය හා ආරක්‍ෂක අංශවල රාජකාරී කටයුතු සඳහා  ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථ ද  යොදාවා තිබනවා.

හෙට පැවැත්වෙන මැතිවරණයේ දී පළාත් පාලන ආයතන  340 ක් සඳහා සභිකයන් තෝරාපත් කර ගැනීමට නියමිතයි.

එහිදි ඡන්දය භාවිත කිරීමට සුදුසුකම් ලබා ඇති ඡන්ද දායකයන් සංඛ්‍යාව එක්කෝටි පනස් හත් ලක්‍ෂ හැට දහස් අටසිය හැට හතක්.

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු පුද්ගලයන් සිටී නම් ඔවුන්ට ද  ඡන්ද හිමි නාමලේඛනයේ සිය නම ඇතුළත්ව ඇත්නම් සිය ඡන්දය භාවිතා කළ හැකි බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල් ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා කියා සිටියේ.

 

news24.lk
News24
sri lanka news 24
24 news