ලන්ඩන් බ්‍රිගේඩියර්වරයාට කිසිදු පරීක්ෂණයක් නැහැ - යුද හමුදාපති යළි කියයි

 02/08/2018 - 12:39
173 reads

බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට එරෙහිව කිසිඳු පරීක්ෂණයක් සිදු නොකරන බව යුධ හමුදාපති ලුතිනන් ‍ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පවසනවා.
යුධ හමුදාපතිවරයා පෙන්වාදෙන්නේ ඔහු සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකිරීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවයි.
ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාල ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වූ පිරිසකට අභිනයෙන් සිදුකළ දැනුම්දීමක් සම්බන්ධයෙන් බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට එරෙහිව චෝදනාවක් එල්ල වුණා.
ඒ සම්බන්ධයෙන් ඔහුගේ සේවය අත්හිටුවීමට විදේශ කටයුතු අමාත්‍යංශය පියවර ගත් අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මැදිහත් වී අදාළ නියෝගය ඉවත් කරනු ලැබුවා.
ඒ අනුව බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා යළි සේවයේ පිහිටුවීමට කටයුතු කර ඇති බවයි වාර්තා වුණේ.
අදාළ සිද්ධිය පිළිබඳව සොයාබැලීමේදී බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා විසින් කිසිඳු විනය විරෝධී ක්‍රියාවක් සිදුකර නොමැති බවයි යුද හමුදාපතිවරයා සඳහන් කළේ.

 

news24.lk
News24
sri lanka news 24
24 news