අධිකරණ නියෝගයකින් ඉබ්බන් 12 දෙනෙකුට අභය දානය

 02/08/2018 - 12:12
11 reads

ආඩිගම - තිඹිරිගොල්ල,වන්නියාකුලිය වැවෙන් අල්ලන ලද බව කියන කිරි ඉබ්බන් 04 දෙනෙකු සහ ගල් ඉබ්බන් 08 දෙනෙකු ආණමඩුව මහේස්ත්‍රාත්වරියිගේ නියෝග අනුව විල්පත්තුව වනාන්තරයට මුදා හැර තිබෙනවා.
සිදී යමින් ඇති වන්නියාකුලම වැවේ සිටින ඉබ්බන් අල්ලමින් සිටි බව කියන සැකකරුවන් දෙදෙනෙකු පල්ලම පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.
වෙන්නප්පුව ප්‍රදේශයේ ඇති චීන අවන්හල් සදහා ගෙන යාමට තමන් ඉබ්බන් අල්ලා ගත් බව සැකකරුවන් පොලීසිය හමුවේ පවසා ඇත්තේ.
සැකකරුවන් වෙන්නප්පුව - මිරිස්සන්කොටුව ප්‍රදේශයේ පදිංචිකරුවන් අතර ඔවුන් දෙදෙනාට රුපියල් 40,000 බැගින් රුපියල් 80,000 ක දඩ මුදලක්ද ආණමඩුව මහේස්ත්‍රාත්වරිය විසින් නියම කර තිබෙනවා.

 

news24.lk
News24
sri lanka news 24
24 news