UPDATE : කැළණිවැලි මාර්ගයේ දුම්රිය ගමනාගමනයට තවදුරටත් බාධා

 02/08/2018 - 13:49
45 reads

දුම්රියක් පීලිපැනීමට ලක්වීම හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ ගමනාගමනයට තවදුරටත් බාධා එල්ල වී තිබෙනවා.
දුම්රිය පාලක මැදිරිය සඳහන් කලේ මහරගම ප්‍රදේශය ආසන්නයේ දී මෙලෙස දුම්රිය අද පෙරවරුවේ පීලිපැනීමට ලක්ව ඇති බවයි.
අවිස්සාවේල්ලේ සිට කොළඹ - කොටුව බලා ධාවනය වෙමින් තිබූ දුම්රිය මෙලෙස පීලි පැනීමට ලක්වුණා.
මේ වනවිට අදාළ දුම්රියේ පීලිගත කිරීමේ කටයුතු අවසන් වෙමින් පවතින බව ද දුම්රිය පාලක මැදිරිය කියා සිටියා.


කැළණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා [ 02/08/2018 - 10:09]

දුම්රියක් පීලිපැනීමට ලක්වීම හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ලවී තිබෙනවා.

දුම්රිය පාලක මැදිරිය සඳහන් කලේ මහරගම ප්‍රදේශය ආසන්නයේ දී මෙලෙස දුම්රිය අද පෙරවරුවේ පීලිපැනීමට ලක්ව ඇති බවයි.

අවිස්සාවේල්ලේ සිට කොළඹ - කොටුව බලා ධාවනය වෙමින් තිබූ දුම්රිය මෙලෙස පීලි පැනීමට ලක්ව ඇති බවද පාලක මැදිරිය තවදුරටත් ප්‍රකාශ කළා.

 

news24.lk
News24
sri lanka news 24
24 news