විද්‍යා ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන නිදහස ලැබු සැකකරු යළි රක්ෂිත බන්ධනාගාරයට

 02/08/2018 - 08:39
49 reads

යාපනය, පුංකුඩිතිව් ප්‍රදේශයේදී සමූහ දූෂණයට ලක්ව ඝාතනය වු ශිවලෝගනාදන් විද්‍යා සිසුවියගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන නිදහස ලැබු පූබාලසිංහම් ඉන්ද්‍රකුමාර් නමැති සැකකරු යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

අදාළ නඩුව ඊයේ පස්වරුවේ කැඳවු අවස්ථාවේ දී යාපනය,කයිට්ස් මහේස්ත්‍රාත් ඒ.එම්.එම්.රියාල් මහතා නියෝග කළේ සැකකරු යළිත් එළඹෙන 21 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසටයි.

සැකකරු පොලිස් නිළධාරියෙකුට බැන තර්ජනය කිරීමේ  සිදුවීමක් හේතුවෙන් අත්අඩංගුවට ගෙන අධිකරණ ඉඳිරිපත් කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා එම නියෝගය නිකුත් කළා.

විද්‍යා සිසුවිය ඝාතනය කිරීමේ සිදුවීමේ පළමු විත්තිකරු ලෙස පූබාලසිංහම් ඉන්ද්‍රකුමාර් නමැත්තා නම්කොට තිබු අතර, සිදුකළ සාක්ෂි විභාගය අනුව සැකකරු නිදහස් කිරීමට විද්‍යා ඝාතන නඩුව විභාගයට ගත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියෝග කරනු ලැබුවා.

news24.lk
News24
sri lanka news 24
24 news