ළමා හිංසනය තුරන් කිරීමට විශේෂ වැඩපිළිවෙළක්

 02/08/2018 - 08:22
10 reads

පාසල් හා ළමා නිවාස ආශ්‍රිතව ළමයින්ට සිදුවන කායික දණ්ඩනය තුරන් කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සැලසුම් කර තිබෙනවා.

පසුගියදා ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවති එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ කමිටුවේ වාර්තාව නිකුත් වූ අතර, එහිද මේ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.

එම කමිටුවේ නිර්දේශවල සඳහන් වන්නේ මෙරට ළමයින්ට සිදු වන කායික දණ්ඩනය තුරන් කිරීමට වගකිව යුතු පාර්ශවයන් විශේෂ අවධානයක් යොමු කළ යුතු බවයි.

ඒ අනුව 2016 අංක 12 දරණ පාසල තුළ විනය ආරක්ෂා කිරීම නමැති චක්‍රලේඛය පිළිබඳව සියලු‍ම පාසල් විදුහල්පතිවරුන් හා ගුරුවරුන් වෙත දැනුම ලබාදීමට අපේක්ෂිතයි.

එම චක්‍රලේඛයට අනුව පාසල් තුළ ශාරීරික දඬුවම් ලබාදීම තහනම් කෙරෙනු ඇති.

news24.lk
News24
sri lanka news 24
24 news