උදයදේවි දුම්රිය අද සිට ධාවනයට

 02/08/2018 - 07:37
96 reads

දින 15 ක් පමණ ධාවනය නොවු කොළඹ - මඩකලපුව උදයදේවි දුම්රිය අද දිනයේ සිට ධාවනයට එක් කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

චීන මැදිරි වෙනුවට රුමේනියානු මැදිරි යොදවා දුම්රිය නැවත ධාවනය කෙරෙන බවයි එම දෙපාර්තමේන්තුව කියා සිටියේ.

චීන මැදිරි සහිතව අදාළ දුම්රිය මීටපෙර ධාවනය කෙරුණා.

චීන මැදිරි සහිත දුම්රිය ධාවනයෙන් ඉවත්වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් පසුගිය 24 වැනි දා සිට උදයදේවි දුම්රිය ධාවනය වූයේ නැහැ.

news24.lk
News24
sri lanka news 24
24 news