කැකිරාවේ මහා පරිමාණ සූදු පොළක් වටලා 36 දෙනෙකු අත්අඩංගුවට

 02/08/2018 - 07:13
44 reads

කැකිරාව නගරයේ අවන්හලක් තුළ පවත්වා ගෙන ගිය මහ පරිමාන සූදු පොලක් වටලා සැකකරුවන් 36 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම ස්ථානයේ තිබී රුපියල් හය ලක්ෂ දෙදහසක මුදලක් ද සිය භාරයට ගත් බවයි පොලීසිය පැවසුවේ.

සැකකරුවන් අතර ගුවන් හමුදා සාමාජිකයින් කිහිප දෙනෙකු, සහ මානව හිමිකම් ආයතනයක නිලධාරියෙකු ද සිටින බව පොලීසිය ප්‍රකාශ කළා.

ඊට අමතරව පුද්ගලික ආයතනයක විධායක නිළධාරියෙකු ඇතුළු පිරිසක්  ද අත්අඩංගුවට ගත් අය අතර වනවා.

සැකකරුවන් කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතර වැලිගම, රැළගම ප්‍රදේශයේ කාන්තාවක් විසින් පවත්වා ගෙන ගිය සුදු පොළක් වටලා සුදු ක්‍රීඩාවේ නිරතව සිටි කාන්තාවන් 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිය ස්වාමි පුරුෂයන් ධීවර රැකියාව සඳහා පිටත්ව යාමෙන් අනතුරුව අදාළ කාන්තවන් සුදු ක්‍රීඩාවේ නිරත වන බවටයි අනාවරණය වී ඇත්තේ.

සැකකාර කාන්තාවන් අද මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

 

 

news24.lk
News24
sri lanka news 24
24 news