විමළරතන හිමියන්ගේ ආදාහන පුජෝත්සවයට පෙර දේහය ජ'පුර සරසවියට

 02/07/2018 - 18:12
85 reads

අපවත්වී වදාළ මහාචාර්යය පුජ්‍ය බෙල්ලන්විල විමළරතන නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය ක්‍රිඩාංගණයේ දී පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව හෙට දිනයේ සිදු කිරීමට නියමිතයි.

බෙල්ලන්විල රජ මහා විහාරස්ථානයෙන් හෙට සවස 1ට දේහය රැගත් පෙරහර බොරලැස්ගමුව හන්දිය, රත්තනපිටිය හන්දිය, විශ්වවිද්‍යාල පාර ඔස්සේ ශ්‍රී ජයවර්ධනපුර සරසවි භූමියට වැඩම කරවීමට සැලසුම් කර තිබෙනවා.

ආදාහන උත්සවයේ කටයුතු පස්වරු 3ට ආරම්භ කිරීමටයි ආදාහන කමිටුව තීරණය කර ඇත්තේ.

අපවත්වී වදාළ මහාචාර්යය පුජ්‍ය බෙල්ලන්විල විමළරතන නාහිමියන්ගේ දේහයට  අවසන් ගෞරවය දැක්වීම සඳහා මේ වන විටත් විශාල ජනකායක් පැමිණ සිටින බවයි එහි සිටින News24 වාර්තාකරු පැවසුවේ.

news24.lk
News24
sri lanka news 24
24 news