පළාත් පාලන මැතිවරණයේ සියලු ප්‍රචාරක කටයුතු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්

 02/07/2018 - 17:55
13 reads

පළාත් පාලන මැතිවරණයේ සියලු ප්‍රචාරක කටයුතු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වනවා.

අතිරේක මැතිවරණ කොමසාරිස් ජනරාල් ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා සඳහන් කළේ තම ඡන්දය කුමන කණ්ඩායමකට ලබාදෙන්නේද යන්න පිළිබඳව ඡන්ද දායකයාට ස්වාධිනව තීරණය කිරීමේ අවස්ථාව ලබාදීම සඳහා මැතිවරණ නීතියට අනුව මෙම පියවර ගන්න බවයි.

මේ අතර, ඡන්දය ආයාචනා කිරීම සඳහා නිවෙස් වෙත යාම අද පෙරවරු 6 සිට රාත්‍රී 9 දක්වා පමණක් සිදු කළ යුතු බව පොලීසිය පවසනවා.

ඒ අනුව, අපේක්ෂකයා ඇතුළුව නිවෙස් වෙත යා හැක්කේ පුද්ගලයින් 11 දෙනෙකුට පමණයි.

එහිදී අත් පත්‍රිකාවක් හෝ යම් ප්‍රකාශන පත්‍රයක් ඡන්ද දායකයින්ට ලබා දීමේ හැකියාව පවතිනවා.

කෙසේ වෙතත්, මාර්ගයේ ගමන් කරන අතරතුර මගීන්ට එවන් අත්පත්‍රිකා බෙදා දීම දි මැතිවරණ නීතියට අනුව තහනම් වනවා.

මෙම නීතිය 11 වනදා දක්වා ම ක්‍රියාත්මක අතර නීති කඩ කරන පුද්ගලයින්ට එරෙහිව දැඩි ක්‍රියා මාර්ග ගන්නා බවයි අද පැවති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ.

 

news24.lk
News24
sri lanka news 24
24 news