හඳුන් දිවියෙකුගේ සිරුරක් ලෙදන්ටි වතුයායෙන් හමුවෙයි

 02/07/2018 - 15:44
43 reads

මිය ගොස් සිටි හඳුන් දිවියෙකුගේ සිරුරක් කාසල්රී ජලාශයට ඉහළින් හැටන් ලෙදන්ටි වතුයායේ දී සොයා ගෙන තිබෙනවා.

එම හඳුන් දිවියාගේ බෙල්ල අසල විිශාල තුවාලයක් තිබෙන අතර එම සත්වයා මන්දමකට හසුවී එය කඩාගෙන පැමිණ සිටියදී මිය ගොස් ඇති බවටයි පොලීසිය සැක පළ කරන්නේ.

දිවියා සම්බන්ධයෙන් නල්ලතන්නිය වන ජීවී නිලධාරීන් පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතයි.

මීට පෙර හැටන් පන්මූර් වතු යායේදී දිවියෙකු කළ පහරදීමකින් පසුගිය දා වතු කම්කරුවන් 7 දෙනෙකු තුවාල ලැබුවා.

news24.lk
News24
sri lanka news 24
24 news