ඇලෝසියස් ගෙන් ඇප ඉල්ලීමක්

 02/07/2018 - 15:24
43 reads

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පර්පචුවෙල් ටේ‍රෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන යන මහත්වරුන්ට ඇප ලබා දෙන ලෙස ඉල්ලා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද ලිඛිත ඇප අයදුම්පතක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව අදාළ ඇප ඉල්ලීම සම්බන්ධයෙන් වන නියෝගය ලබන 16 වනදා ලබා දීමට පියවර ගන්නා බවයි කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය නියෝග කළේ.

එමෙන්ම ඇප ඉල්ලීම පිළිබඳ ලිඛිත දේශන ලබන සිකුරාදාට පෙර ගොනු කරන ලෙසට  නීතිපතිවරයාට නියෝග කළ බව News24 අධිකරණ වාර්තාකරු සඳහන් කළා.

මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් පසුගිය 4 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන යන මහත්වරුන් ලබන 16 වනදා දක්වා රක්ෂිත බන්ධානාගාර ගත කරනු ලැබුවා.

news24.lk
News24
sri lanka news 24
24 news