බැඳුම්කර කොමිසමේ වාර්තාව හිටපු අමාත්‍ය රවී කරුණානායකටත්

 01/14/2018 - 17:59
6 reads

බැඳුම් කර කොමිසමේ වාර්තාව අග්‍රාමාත්‍යරයා මෙන්ම තමන්ට ද ලැබී ඇති බව හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පවසනවා.

අදාළ වාර්තාවෙන් ඉදිරිපත් කර ඇති කරුණු සියල්ල අසත්‍ය  බව රවී කරුණානායක මහතා කියා සිටියේ මට්ටක්කුලිය ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ පැනයකට පිළිතුරු ලබාදෙමින්

පසුගිය දා පාර්ලිමේන්තුව තුල ඇති වූ ගැටුම්කාරී තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළ සොරාගේ න්‍යාය පිළිබඳව ද මාධ්‍යවේදීන් රවී කරුණානායක මහතාගෙන් විමසීමක් කළා.

news24.lk
News24
sri lanka news 24
24 news