පින්දෙණිය සාමකාමීයි - 13ක් අත්අඩංගුවට

 01/14/2018 - 16:23
48 reads

කෑගල්ල, අවිස්සාවෙල්ල මාර්ගයේ පින්දෙණිය ප්‍රදේශයේ තත්වය මේ වන විට සාමකාමී බව වාර්තා වනවා.

රිය අනතුරකින් 7 හැවිරිදි දැරියක් මිය යාමත් සමගයි අදාළ උණුසුම් තත්ත්වය හටගෙන තිබුණේ.

ඊයේ රාත්‍රියේ ඇතිවූ මෙම උණුසුම්කාරී තත්ත්වය විසුරුවා හැරීමට පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් ද එල්ල කළ බවයි නිව්ස් NEWS24 වාර්තාකරු පැවසුවේ.

එහිදී විරෝධතාවට එක්ව සිටි පුද්ගලයින් 13 දෙනෙකු ද පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

news24.lk
News24
sri lanka news 24
24 news
Unrest in Pindeniya
Kegalle