සමන්ත විද්‍යාරත්නට නඩු

 01/14/2018 - 15:39
6 reads

ජනතා විමුක්ති පෙරමුණේ ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතාට එරෙහිව නඩුවක් ගොනු කළ බව පළාත් මහ ඇමති චාමර සම්පන් දසනායක මහතා පවසනවා.

ඒ විදුහල්පතිනියක් දණ ගැස්වූ බවට තමන්ට එරෙහිව අසත්‍ය ප්‍රකාශ්‍යක් සිදු කළ බවට පවසමින්.

ඒ අනුව සමන්ත විද්‍යාරත්න මහතාගෙන් රුපියල් මිලියන 500 ක වන්දියක් ඉල්ලා අද දිනයේ අදාළ නඩුව ගොනු කළ බවයි චාමර සම්පත් දසනායක මහතා කියා සිටියේ.

පළාත් සභා මැතිවරණය ඉලක්ක කර ගනිමින් සමන්ත විද්‍යාරත්න මහතා මෙම චෝදනාව සිදු කර ඇති අතර මහ ඇමතිවරයා කියා සිටියේ එවැනි සිදුවීමක් නොවූ බවට අදාළ විදුහල්පතිනිය විසින් ද ප්‍රකාශ කර ඇති බවයි.

 

news24.lk
News24
sri lanka news 24
24 news