ඇත් දළ කොටස් සමග මන්ත්‍රාචාර්යවරයෙකු කොටු [ඡායාරූප]

 01/14/2018 - 12:14
11 reads

ඇත් දළ කොටස් කිහිපයක් ළග තබා ගෙන සිටි බව කියන පුද්ගලයෙකු මාරවිල පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ නාත්තන්ඩියපහල තබ්බෝව, මාවිල ප්‍රදේශයේදී.

අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 38ක් වන මන්ත්‍රාචාර්යවරයෙකු බවයි  පොලීසිය පවසන්නේ.

ඇත් දළ කොටසක් සහ ඇත් දළ පෙන්ඩනයක්ද පොලිස් බාරයට ගෙන තිබෙනවා.

ඇත් දළ කොටස් තමන්ට ත්‍යාගයක් ලෙස ලැබුණු ඒවා බවයි  සැකකරු පොලීසිය හමුවේ පවසා ඇත්තේ.

පොලීසියෙ දැණුම්දීම මත වන ජීවී නිලධාරීන් පැමිණ  ඇත් දළ කොටස් පරීක්ෂා කරනු ලැබුවා.

ඇත් දළ කොටස් කුඩා ප්‍රමාණයේ ඇතෙකුගේ බවටයි විශ්වාස කරන්නේ.

(පුත්තලම - ජූඩ්  සමන්ත)

 

news24.lk
News24
sri lanka news 24
24 news