මැතිවරණයට අධික ලෙස පොලිතීන් භාවිත කර ඇති බවට චෝදනා

 01/14/2018 - 10:38
5 reads

පොලිතීන් භාවිතය තහනම් කර තිබියදීත් පළාත් පාලන මැතිවරණය සඳහා සියයට 70කට අධික පොලිතීන් භාවිත කර ඇති බව ශ්‍රී ලංකා සොබා  සාමූහික  පවසනවා.

එහි සභාපති තිලක් කාරියවසම් මහතා NEWS24 වෙත අදහස් දක්වමින් කියා සිටියේ එවැනි අපේක්ෂකයින්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කළ යුතු බවයි.

පොලිතීන් භාවිත කරන අපේක්ෂකයින්ට එරෙහිව ගතහැකි ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම සමග සාකච්ඡා කරන බව ද  තිලක් කාරියවසම් මහතා  සඳහන් කළා.

news24.lk
News24
sri lanka news 24
24 news
election
polythene