ධුර කාලය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ අර්ථ නිරූපණය අද ජනපතිට

 01/14/2018 - 08:25
9 reads

19 වන සංශෝධනයට අනුව තම ධූර කාලය වසර 5ක් ද 6ක් ද යන්න සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කළ විමසීමට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ අර්ථ නිරූපණය අද  ජනාධිපතිවරයා වෙත යොමුකිරීමට නියමිතව තිබෙනවා.

ඊට අදාළ කරුණු සළකා බැලීම පසුගිය දා අගවිනිසුරුවරයා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධීකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සිදුකෙරුණා.

මේ සම්බන්ධයෙන් විවෘත අධිකරණයේදී මැදිහත්කාර පාර්ශවවල අදහස් ලබා ගැනීමද සිදුු කරනු ලැබුවා.

එහිදී මත 2 ක් ඉදිරිපත්වූ අතර ඒ පිළිබද සළකා බලා අවසන් තීරණය ජනාධිපතිවරයා වෙත යොමුකරන බවයි ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල දැනුම්දී තිබුණේ.

මෙම අර්ථකථනය අද දිනට පෙර තමන් වෙත යොමුකරන ලෙසට ද ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරයෙන් ඉල්ලා තිබුණා.

මේ අතර පසුගිය දා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා කියා සිටියේ තම නිල කාලය පිළිබද ශ්‍රේෂ්ඨාධිකරණයේ අර්ථකථනය ඉතා ගෞරවයෙන් පිළිගන්නා බවයි

හෙට දිනයේ නොව අද වුවද ධුරයෙන් ඉවත් වීමට තමන් සුදානම් බවත් සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය එය බවත් මෛත්‍රිපාල සිරිසේන මහතා එහිදී අවධාරණය කර තිබුණා.

 

news24.lk
News24
sri lanka news 24
24 news
6th Executive President
Maithripala Sirisena