ගම්පහ සහ රක්වාන ප්‍රදේශවල වෙඩිතැබීම් දෙකක්

 01/14/2018 - 07:52
9 reads

ගම්පහ බටපොත ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා.

තුවාල ලැබූ පුද්ගලයා ගම්පහ රෝහලට ඇතුලත් කර ඇති බවයි වාර්තා වන්නේ.

වෙඩි තැබීම සිදු කළ සැකකරුවන් පිළිබඳ හෝ ඊට හේතුව  මෙතෙක් අනාවරණ වී නැහැ.

මේ අතර, රක්වාන ප්‍රදේශයේ ද වෙඩි තැබීමක් සිදුව ඇති අතර ඒ හේතුවෙන් එක් පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා.

වෙඩි වැදුන 69 හැවිරිදි පුද්ගලයා කහවත්ත රෝහලට ඇතුළත් කිරීමේදී මිය ගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ.

 

 

news24.lk
News24
sri lanka news 24
24 news
Gampaha
Rakwana
One injured in Batapotha shooting