සූර්ය දෙවියන් පුදන තෛපොංගල් උත්සවය අදයි

 01/14/2018 - 05:14
8 reads

සූර්ය දේව  වන්දනාවට ප්‍රමුඛත්වය හිමිවන තෛපොංගල් උත්සවය අදයි.
සරු අස්වැන්නක් ලබා ගැනීමට ශක්තිය වූ හිරු දෙවියන්ට අස්වැන්නෙහි අග්‍රඵලය පුදදෙමින් කෘතවේදීත්වය දැක්වීම තෛපොංගල් උළෙලේ වැදගත් චාරිත්‍රයක්‌.

තෛපොංගල් උත්සවය "අස්වැන්න නෙලීමේ උත්සවය" ලෙසද  අරුත් ගැන්වෙයි.
පොංගල් ඉන්දියාවේ විවිධ ප්‍රාන්තවල සමරනු ලබන 'මකර සන්ක්‍රාන්ති' සමග බැදීමක් පවතින්නක්.
පොංගල් යන දමිළ වචනයේ අදහස වන්නේ 'උතුරා  යාම නොහොත් පිටාර ගැලීමයි'.
මැටි කළයක කිරි උතුරා යාමට සැලැස්වීම තම පවුලේ අනාගත සෞභාගයයේ සළකුණක් ලෙස  සලකණු ලබනවා.
 
තෛපොංගල් උත්සවය මගින් තවත් අලුත් වසරක් සඳහා සූර්ය භ්‍රමනය ආරම්භ වීම සමරනු ලබනවා.

මෙම උත්සවය දමිළ ජනයා සඳහා පමණක් ම වෙන්වුවක් නොවේ.
මහා භාරතයේ සඳහන් වන පරිදි එය මුලු ඉන්දියානු ජනතාවටම පොදු චාරිත්‍රයක්.
ධර්ම ශාස්ත්‍රරවයන් සඳහන් කරන පරිදි මකර සන්ක්‍රාන්තිය ජනවාරි 14දා සිදුවන අතර කුම්භ හා අර්ධ කුම්භ මේලා මෙදින අවසන්වෙයි.

දමිළ ජනතාව, ආගමික භේදයකින් තොරව සමස්ත ජනතාව සමඟ තෛපොංගල් උත්සවය සැමරීම සාමය, සංහිදියාව ගොඩනැගීමටද සුවිශේෂ අවකාශයක් උදාකරනු ඇත.

කෘෂිකර්මාන්තයට නිසි බුහුමන පුදන තෛපොංගල් උළෙල ආහාර නිෂ්පාදනයෙන් ස්වයංපෝෂිතවීම කරා යාමට රජය ගන්නා උත්සාහය අර්ථවත් කරන්නක් බවයි  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  සුභ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.

 
සම්පූර්ණ සුභපැතුම් පණිවුඩය,

ලෝක වාසී හින්දු ජනයා සොබාදහම වෙත සිය කෘතඥතාවය පළ කරනු වස් සමරන තෛපොංගල් උළෙළ නිමිත්තෙන් සුභපැතුම් එක්කරන්නට ලැබීම පිිබඳ මා බෙහෙවින් සතුටට පත්වෙමි.
 
මිනිස් සංහතිය ශිෂ්ටත්වය කරා පැමිණි ගමනේදී, කෘෂිකර්මාන්තය ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කළ බව නොරහසකි. වත්මනෙහි දක්නට ලැබෙන කාර්මික හා තාක්ෂණික දියුණුව හමුවේ ගැමි ප්‍රජාව ගොවිකම අතහැර නගර කරා ඇදී යමින් සිටින පසුබිමක වුව, අතීත සම්ප්‍රදායන් සුරැකීමටත්, එය සැමරීමටත් නිමිති සපයන තෛපොංගල් උත්සවය, මිනිස් සමාජයේ සංස්කෘතිය, සදාචාරය, මනුෂ්‍යත්වය, සමගිය හා සංහිඳියාව, බෙදා හදා ගැනීමට ඇති ලැදියාව මෙන්ම මිනිසා තුළ පවතින සත්ත්ව කරුණාව වැනි ගුණාංග තව තවත් සමාජය තුළ තහවුරු කරලීමට මඟ සාදයි.
 
කෘෂිකර්මාන්තයට නිසි බුහුමන පුදන තෛපොංගල් උළෙල ආහාර නිෂ්පාදනයෙන් ස්වයංපෝෂිතවීම කරා යාමට රජය ගන්නා උත්සාහය අර්ථවත් කරන අතරම එයට ශක්තිය සපයන අවස්ථාවක් වශයෙන් ද සැලකීමට කැමැත්තෙමි.
 
හින්දු ධර්මය අනුව දිවි ගෙවන දෙමළ ජනයා, තෛපොංගල් ‍සමය ඔවුන්ගේ නව වසරක උදාව ලෙසත්, නව අවස්ථා උදාකරන වසරේ ශුභාරම්භය ලෙසත් සලකති. එවන් සුබ මොහොතක අප රටේ මෙන්ම විදෙස් රටවල ද තෛපොංගල් සමරන හින්දු ජනයාගේ ජීවිත අර්ථවත් හා සෞභාග්‍යමත් වේවායි ප්‍රාර්ථනා කරන අතර, කෘෂි සංස්කෘතියේ ගැඹුරු හරයන් යළි යළිත් අප වෙත සමීප කරමින් තෛපොංගල් උළෙල සමරන බැතිමතුන් සමඟ එක්වෙමි.
 
මෛත්‍රීපාල සිරිසේන
ජනාධිපති

news24.lk
News24
sri lanka news 24
24 news
Thai Pongal