පොලිස් නිලධාරිනියකට පහර දුන් රියදුරකු සහ රිය සහයකයෙකු අත්අඩංගුවට

 01/13/2018 - 20:20
7 reads

පානදුර පොලීසියට අනියුක්තව සේවය කරන පොලිස් නිලධාරිනියකට  පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට බස් රියදුරෙකු සහ රිය සහයකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන්ගේ පහරදීමට ලක්වූ පොලිස් නිලධාරිනිය මේ වනවිට පානදුර රෝහලේ ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.
ඇය රාජකාරිය නිම කර සිය නිවස බලා බස් රථයෙන් ගමන් කරමින් සිටින අතරතුර අදාළ ප්‍රහාරයට ලක්ව තිබුණා.
ඒ නියමිත බස් නැවතුම්පලේ බසය නොනවත්වා ධාවනය කිරීම හේතුවෙන් ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාමත් සමගයි.

 

news24.lk
News24
sri lanka news 24
24 news