ශ්‍රී ලංකාව ඇතුලු සිය අසල්වැසි රටවල් චීනයට දෙසට නතුවිමට ඉඩ දී බලාසිටිය නොහැකි බව ඉන්දියාව පවසනවා.

 01/13/2018 - 20:19
5 reads

අසල්වාසී රටවල් චීනයට නතුවීමට ඉඩදී බලා සිටිය නොහැකියිසිය අසල්වැසි රටවල් චීනය වෙත  යොමුවිම පිළිබද ඉන්දිය රජය වැඩි අවධානයක් යොමු කල යුතු බවයි එරට  හමුදාපති ජෙනරාල් බිපින් රාවත් පවසන්නේ.
මේ වන විට චීනය සිය අසල්වැසි රටවල් වන භූතානය නේපාලය මියන්මාරය , බංගලාදේශය සහ ඇෆ්ගනිස්ථානය සමග සුහදශීලි බවක් ගොඩනගා ගැනිම  සම්බන්ධයෙන්ද ඉන්දීය හමුදාපතිවරයා සිය අදහස් පළ කර තිබෙනවා.
සිය දේශ සීමා ආසන්නයේ තිබෙන මෙම රටවල් සමග ඉන්දියාව පුලුල් උපාය  මාර්ගීක වැඩපිළීවෙලක් ගෙනයමින් ඔවුන්ට සහාය දැක්විය යුතු බවයි ඔහු  සදහන් කර ඇත්තේ.
දේශ සීමා හරහා චීනය එල්ලකරන බලපෑම් වලක්වාලිම සදහා කටයුතු කරන  බව පවසන ඉන්දිය හමුදාපතිවරයා එල්ලවන ඕනෑම ප්‍රහාරයක් වලක්වා ගැනිම  සදහා සිය හමුදා සුදානම් කිරිමේ වගකිම පිලිබදවද අදහස් දක්වා තිබෙනවා.

 

news24.lk
News24
sri lanka news 24
24 news