ජාලිය වික්‍රමසූරියගේ නීතිඥයින්ගෙන් විශේෂ නිවේදනයක්

 01/13/2018 - 20:15
6 reads

තම සේවාදායකයා අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් කොලඹ  මහේස්ත්‍රාත් අධිකරණය විසින් විවෘත වරෙන්තුවක් නිකුත් කිරීමට අදාලව අමෙරිකාවේ  හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය මහතාගේ නීතීඥයින් විශේෂ  නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එම නිවේදනයේ දැක්වෙන්නේ ජාලිය වික්‍රමසූරිය මහතා චේතනාන්විතව  අධිකරණය මග හැරීමක් හෝ නොපැමිණීමක් සිදුකර නොමැති බවයි.
තම සේවාදායකයා අමෙරිකාවේ ප්‍රතිකාර ලබා වෙනත් රටකට යාමට සූදානම් වූ  අවස්ථාවේ රටින් පිටව යෑමට තැත් කළහොත් අත්අඩංගුවට ගන්නා බවට එරට  ආගමන  විගමන  බලධාරීන් දැනුම් දුන් බවයි ජාලිය වික්‍රමසූරිය මහතාගේ නීතීඥයන් පවසන්නේ.
කෙසේ වෙතත් මෙරට යුධ සමයේ සිද්ධීන් පිළිබද කරුණු හෙලිකරන්නේ නම්  සහයෝගයෙන් කටයුතු කළ හැකි බව ජාලිය වික්‍රමසූරියට මහතාට දන්වා ඇතත්  ඔහු එය ප්‍රතික්ෂේප කර ඇති බවද ඔහුගේ නීතීඥයන් නිවේදනය කර තිබෙනවා.
අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සදහා ගොඩනැගිල්ලක් මිලදී  ගැනීමේදී සිදුව ඇති බව කියන අක්‍රමිකතාවයකට අදාළවයි ජාලිය වික්‍රමසූරිය  මහතාට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබුණේ.
පසුගිය නඩු වාරයේදී ඔහු අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර ඒ අනුව මෙම  විවෘත වරෙන්තුව නිකුත් කෙරුණා.

 

news24.lk
News24
sri lanka news 24
24 news