ජාතික නිදහස් පෙරමුණේ ප්‍රේමලාල් ෆොන්සේකා ජනපතිට සහය පළකිරීමට එක්වෙයි

 01/13/2018 - 19:50
2 reads

ජාතික නිදහස් පෙරමුණේ කළුතර දිස්ත්‍රික් විධායක කමිටු සාමාජික ප්‍රේමලාල් ෆොන්සේකා මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට  සහය පළ කිරීමට එක්ව තිබෙනවා.
අද පෙරවරුවේ දී  ජනාධිපතිවරයා හමුවූ ඒ මහතා වංචාව, දුෂණය පිටුදකිමින් පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමට ජනාධිපතිවරයා සිදු කරන කැපවීම ඇගයීමට ලක් කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළ වෙනුවෙන් සිය උපරිම සහය ලබාදෙන බවත්, ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවී කටයුතු කරන බවත් ඔහු සඳහන් කර තිබෙනවා.
ජාතික නිදහස් පෙරමුණේ ප්‍රබල ක්‍රියාකරුවෙකු වූ ප්‍රේමලාල් ෆොන්සේකා මහතා එම පක්ෂය පිහිටුවීමෙන් අනතුරුව කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රථමයෙන් පක්ෂ සාමාජිකත්වය ලබාගත් කිහිපදෙනා අතර සිටි ප්‍රමුඛ සාමාජිකයෙකු බව සඳහන්.

 

news24.lk
News24
sri lanka news 24
24 news