නව ජනපති කොමිසම ලබන සතියේ

 01/13/2018 - 19:46
4 reads

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සහ මිහින් ලංකා ගුවන් සේවයේ සිදුවූ වංචා දූෂණ පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති කොමිසම ලබන සතිය වන විට පත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.
පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය දඹුල්ල ප්‍රදේශයේ සංවිධාන කර තිබූ ජන රැළියට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කලා.
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සහ මිහින් ලංකා ගුවන් සේවයේ සිදුවූ වංචා දූෂණ පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති කොමිසම ලබන ජනවාරි මුල් සතියේ පත් කරන බව මීට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කර තිබුණා.

 

news24.lk
News24
sri lanka news 24
24 news