සබරගමුවේ හිටපු මහ ඇමැති පොහොට්ටුවට එක්වෙයි

 01/13/2018 - 18:30
4 reads

සබරගමුව පළාතේ හිටපු මහ ඇමති මහීපාල හේරත් මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක්ව තිබෙනවා. ඒ අද කෑගල්ලේ පැවැති ජනරැළියේදියි. මහීපාල හේරත් මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පළාත් සභා මැතිවරණයෙන් ජයගැනීමෙන් අනතුරුව සබරගමුව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස තේරී පත්වූවා.

මේ අතර රත්නපුර දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක්ව තිබෙනවා.

news24.lk
News24
sri lanka news 24
24 news