චෙන්නායි බලා පියාසර කළ ගුවන් යානයක් හදිසියේ කටුනායකට

 01/13/2018 - 17:33
5 reads

චෙන්නායි ගුවන් තොටුපල ආශ්‍රිත ඉහළ අහස කළු පැහැති දුමාරයකින් වැසී යාම හේතුවෙන්  එම ගුවන් තොටුපල බලා පියාසර කළ ගුවන් යානයක් හදිසියේ කටුනායක ගුවන් තොටුපල වෙත ගොඩබස්වා තිබෙනවා.
මැලේසියාවේ ක්වාලාලම්පූර් සිට පියාසර කළ එයා ඒසියා ගුවන් සේවයට අයත් ඒ 320 ගුවන් යානයක් එලෙස කටුනායක වෙත ගොඩබස්වා ඇති බවයි නිව්ස් 24 ගුවන්තොටුපල වාර්තාකරු පැවසුවේ.
මීට අමතරව කටුනායක ගුවන් තොටුපලෙන් චෙන්නායි බලා පියාසර කිරීමට නියමිතව තිබූ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යානා තුනක් ද ප්‍රමාද වී ඇති බව සඳහන්.
තෛපොංගල් උත්සවය හේතුවෙන් චෙන්නායි නගරවාසීන් අධික ලෙස ගිණිකෙළි සහ රතිඥ්ඥා දැල්වීම නිසා චෙන්නායි අහස කළු පැහැති දුමාරයකින් වැසී ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

 

news24.lk
News24
sri lanka news 24
24 news