ඝාතනය කරන ලද කතකගේ සිරුරක් රාවතාවත්තෙන් සොයා ගැනේ

 01/13/2018 - 15:06
5 reads

මොරටුව - රාවතාවත්ත ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කළ කාන්තාවකගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.
119 ක්ෂණික දුරකථන අංකය ඔස්සේ මොරටුව පොලීසියට ලැබුණු තොරතුරක් මත මෙම මළ සිරුර සොයාගත් බවයි පොලිසිය සදහන් කරන්නේ.
මෙලෙස මිය ගොස් ඇත්තේ රාවතාවත්ත ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි කාන්තාවක්.
ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් කිසිවෙකුත් මෙතෙක් අනාවරණය වී නැහැ.

 

news24.lk
News24
sri lanka news 24
24 news