පිටකොටුව OIC මඩකලපුවට මාරු

 01/13/2018 - 14:26
4 reads

පසුගිය 11 වන දා පිටකොටුව පොලිසිය සිර මැදිරිය තුළ දී 17 හැවිරිදි තරුණයෙකු ගෙල වැළලාගෙන මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණවලට අදාළව මෙම මාරුවීම ලබා දී ඇති බව සඳහන්.

එලෙස මියගොස් තිබුණේ හපුතලේ, කිරිමානගම ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙක්.

ගංජා තොගයක් ළග තබා ගැනීමේ චෝදනාව මත අදාළ තරුණයා පසුගිය 10 වන දා රාත්‍රියේ බැස්ටියන් මාවත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබුණා.

අදාළ සැකකරු මියයන අවස්ථාවේ පොලිසිය තුළ රාජකාරියේ සිටි නිලධාරීන් සම්බන්ධයෙන් දැඩි විනය පියවර ගන්නා ලෙසටයි පොලිස්පතිවරයා දැනුම් දී තිබුණේ.

news24.lk
News24
sri lanka news 24
24 news
police
Pettah
OIC