මාගම්පුර මාරාන්තික උපවාසය අද 5 වන දිනටත්

 01/13/2018 - 14:06
2 reads

හම්බන්තොට - මාගම්පුර වරායේ ඉවත් කළ සේවකයින් ආරම්භ කළ මාරාන්තික උපවාසය අද 5 වන දිනටත් ක්‍රියාත්මකයි.

මාගම්පුර වරාය සේවක සංගමයේ සභාපති අයි.කේ. ඔමේෂ් මහතා කියා සිටියේ මාරාන්තික උපවාසයේ යෙදී සිටියදී රෝගාතුර වූ පුද්ගලයින්   07 දෙනෙකු හම්බන්තොට මහරෝහලට ඇතුළත් කර ඇති බවයි.

කෙසේවෙතත් ඊයේ දිනය වනවිට පුද්ගලයින් 03 දෙනෙකු ප්‍රතිකාර ලබා පිටත්ව ගොස් ඇති බවයි එම රෝහලේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

තමන් යළි වරාය අධිකාරියට බදවා ගන්නා ලෙස ඉල්ලමින් සේවකයින් 11 දෙනෙකු විසින්  මෙම මාරාන්තික උපවාසය පසුගිය 9 වන දා ආරම්භ කළේ මාගම්පුර වරායේ ප්‍රධාන පිවිසුම් මාර්ගය ඉදිරිපිටයි.

 

news24.lk
News24
sri lanka news 24
24 news
Magampura Port employees