ඩෙංගු වැළැක්වීමට බැක්ටීරියාවක්

 01/13/2018 - 13:40
5 reads

ඩෙංගු රෝගය ව්‍යාප්තවීම වැළැක්වීමේ දීර්ඝකාලීන ක්‍රමවේදයක් වශයෙන් වොල්බැටියා බැක්ටීරියාව යොදාගැනීමේ ව්‍යාපෘතියක්, කොළඹ දිස්ත්‍රික්කයේ තෝරාගත් ප්‍රදේශයන්හි ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබෙනවා.

මෙම බැක්ටීරියාව මඟින් ඩෙංගු මදුරුවන්ගේ ශරීරය තුළ සම්ප්‍රේෂණය කළ හැකි මට්ටමකට ඩෙංගු වෛරසය වර්ධනය වීම වළක්වනු ලබනවා.

ඕස්ට්‍රේලියානු රජයේ ආධාර යටතේ නියමු ව්‍යාපෘතියක් වශයෙන් මෙය ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

මෙම ක්‍රමවේදය ඕස්ට්‍රේලියාව, වියට්නාමය, ඉන්දුනීසියාව, බ්‍රසීලය හා කොලොම්බියාවේ  මේ වන විට සාර්ථකව ක්‍රියාත්මක කෙරෙමින් පවතින බව සදහන්.

ඩෙංගු රෝගය වැළැක්වීම සඳහා විවිධ ක්‍රියාමාර්ග ගනු ලැබූවද මෙම රෝගී තත්ත්වය හේතුවෙන් 2017 වර්ෂයේදී පමණක් වාර්තා වු ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව එක් ලක්ෂ  හැත්තෑ හත්දහස් හාරසිය ඉක්මනවා.

වසරේ ගත වු සති 2ක කාලය තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව එක් දහස් තුන් සියයකු් පමණ වන බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර මහත්මිය පවසන්නේ.

 

 

news24.lk
News24
sri lanka news 24
24 news
Wolbachia
Bacteria
Mosquitoes
Dengue