බසයක ගැටුණු දැරියක් මරුට - තවත් දරුවෙකු සහ මිත්තණිය රෝහලට

 01/13/2018 - 11:30
179 reads

අවිස්සාවේල්ල - මහනුවර ප්‍රධාන මාර්ගයේ තොරණගහ හන්දිය ප්‍රදේශයේ දී සිදු වු රිය අනතුරකින් කුඩා දැරියක මියගොස් තවත්  පිරිමි දරුවෙකු සහ කාන්තාවක තුවාල ලබා තිබෙනවා.

NEWS24 වාර්තාකරු සඳහන් කළේ දරුවන් දෙදෙනෙකු සමඟ පාර මාරුවීමට උත්සාහ ගත් කාන්තාවක් බස් රථයේ ගැටී ඇති බවයි.

දරුවන් දෙදෙනා මිත්තනිය සමග පාර මාරුවන ආකාරය දරුවන්ගේ මව මාර්ගයේ  පසෙක සිට බලා සිටින අතරතුරයි අනතුර සිදුව ඇත්තේ.

වයස අවුරුදු 05ක් පමණ වන දැරිය බස් රථයට යටවී ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

අවිස්සාවේල්ල සිට මහනුවර බලා ගමන් ගත් පෞද්ගලික බස් රථයක පිරිස ගැටී ඇති අතර  රියදුරු සහ රියසහයකවරයා පළා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

 

news24.lk
News24
sri lanka news 24
24 news