දුම්රිය අඛණ්ඩ වැඩවර්ජනයක් ගැන අනතුරු ඇඟවීමක්

 01/13/2018 - 09:30
43 reads

වැටුප් විෂමතා ගැටලුවට නිසි විසදුමක් ඉදිරි දින කිහිපය තුළදී ලබා නොදුනහොත් අඛණ්ඩ වැඩවර්ජනයක් ආරම්භ කරන බව ලොකෝමොටිව් ඉංජිනියරින් වෘත්තීය සමිති රියදුරු සංගමයේ ප්‍රධාන ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා පවසනවා.

ඉල්ලීම්වලට විසදුම් ඉල්ලා මෙම සංගමය ඇතුළු සංගම් කිහිපයක් පසුගිය දෙසැම්බර් 6 වනදා සිට සතියක් අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත වුණා.

එය අවසන් වූයේ ඔවුන්ගේ ගැටළු සම්බන්ධයෙන් සොයාබැලීමට ජනාධිපතිවරයා විසින් පත් කළ අමාත්‍ය අනු කමිටුව සමඟ පැවති සාකච්ඡාවකින් පසුව පැමිණි එකඟතාවයන්ට අනුවයි.

ඒ අනුව අදාළ කමිටුව ගැටලු සඳහා ඉදිරිපත් කළ විසදුම් කඩිනමින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යුතු බවයි ඉන්දික දොඩම්ගොඩ මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

news24.lk
News24
sri lanka news 24
24 news
Train
strike