ශ්‍රී ලංකාව ගැන විමර්ශනයකට ජගත් සංවිධානයේ කමිටුවක් ජිනීවාහිදී රැස්වෙයි

 01/13/2018 - 09:18
52 reads

ශ්‍රී ලංකාවේ ළමා අයිතිවාසිකම් වල ප‍්‍රගතිය විමර්ශනය කිරීමට එක්සත් ජාතීන්ගේ  ළමා අයිතිවාසිකම් පිළිබඳ කමිටුව ලබන සඳුදා ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී රැස්වීමට නියමිතයි.

මානව හිමකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ කොමසාරිස් කාර්යාලය සඳහන් කරන්නේ එම කමිටුව 16 වනදා ද පැවැත්වීමට සැළසුම් කර ඇති බවයි.

එහිදී ඉකුත් වසර කිහිපය පුරා ශ්‍රී ලංකාව ළමා අයිතිවාසිකම් සුරැකීම සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කරනු ඇති.

මෙම සාකච්ඡා සඳහා මෙරට නියෝජිත පිරිසක්ද සහභාගී වීමට නියමිතයි.

ශ්‍රී ලංකාවේ ශ්‍රී ලංකාවේ ළමා අයිතිවාසිකම් වල ප‍්‍රගතිය සාකච්ඡා කිරීමෙන් අනතුරුව පැනමා, සීෂෙල්ස්, ස්පාඤ්ඤය සොලමන් දුපත්, සහ මාර්ෂල් දූපත් යන රාජ්‍යයන් පිළිබඳව ද එක්සත් ජාතීන්ගේ කමිටුව කරුණු සාකච්ඡා කරන බවටයි කරුණු වාර්තා වන්නේ.

 

news24.lk
News24
sri lanka news 24
24 news
UN Committee
Investigate
Geneva