දිවයින පුරා ව්‍යාප්ත වන මත්ද්‍රව්‍ය පාලනයට සෑම පියවරක්ම ගන්නවා

 01/12/2018 - 20:04
8 reads

කොළඹ නගරය කේන්ද්‍රව දිවයිනේ ව්‍යාප්ත වන මත් ද්‍රව්‍ය පාලනය කිරීමට ගත හැකි සෑම පියවරක්ම ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ කොළඹ පැවති උත්සවයකට එක්වෙමින්.
මේ අතර කොලොන්නාව ප්‍රදේශයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදු ජන පෙරමුණින් මෙවර පළාත් පාලන මැතිවරණයට තරග කරන  අපේක්ෂකයින් තිදෙනෙකු ඇතුළු ක්‍රියාකාරී සාමාජිකයින් රැසක් එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගෙන තිබෙනවා.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඔවුන්ට එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය පිරිනමනු ලැබූ බවයි වාර්තා වුණේ.

 

news24.lk
News24
sri lanka news 24
24 news