බෙලිහුල් ඔය බස් අනතුරකින් 9 දෙනෙක් රෝහලට

 01/12/2018 - 20:01
7 reads

බලංගොඩ, පඹහින්න, බෙලිහුල්ඔය ප්‍රදේශයේ දී සිදු වු බස් රථ අනතුරකින් පුද්ගලයින් 09 දෙනෙකු තුවාල ලබා බලංගොඩ මුලික රෝහලට ඇතුළත් කර තිබෙනවා
ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථයක් සහ පෞද්ගලික බස් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි නිව්ස්24 වාර්තාකරු සඳහන් කළේ.
ශ්‍රී ල.ං.ග.ම. බස් රථයේ රියදුරුට එහි වේගය පාලනය කර ගත නොහැකිවීමෙන් අනතුර සිදුව ඇති බවටයි පොලිසිය සැක පළ කරන්නේ.
මේ අතර, දඹුල්ල කුරුණෑගල මාර්ගයේ දිවුල්ගස්කොටුව ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 9 දෙනෙකු තුවාල ලබා ගලේවෙල දිසා රෝහලට ඇතුළත් කර තිබෙනවා.
නිව්ස් 24 වාර්තාකරු සඳහන් කළේ ඉන් පුද්ගලයින් 6 දෙනෙකුගේ තත්ත්වය බරපතල වීම හේතුවෙන් වැඩිදුර ප්‍රතිකාර සඳහා දඹුල්ල මහ රෝහලට ඇතුළත් කර ඇති බවයි.
තිහාරියේ ඥාති නිවසක් කරා ගමන් කරමින් සිටියදී එම අනතුර සිදුව ඇත්තේ වෑන් රථයේ වේගය රියදුරුට පාලනය කර ගැනීමට නොහැකි වීමෙන්.

 

news24.lk
News24
sri lanka news 24
24 news