සිසුවෙකුගේ විනෝදයක් බදුල්ල රෝහල කළඹයි

 01/12/2018 - 20:00
4 reads

හදිසි අනතුරු සංඥා නලාව අද පෙරවරුවේ හදිසියේ ක්‍රියාත්මක වීම හේතුවෙන් රෝහල් කාර්ය මණ්ඩලය, නේවාසික රෝගීන් සහ ප්‍රතිකාර ලබාගැනීමට පැමිණ සිටි පිරිස් කලබලයට පත්වීමේ පුවතක් බදුල්ල මහ රෝහලෙන් වාර්තා වනවා.
නිව්ස් 24 වාර්තාකරු සඳහන් කළේ මේ හේතුවෙන් ශල්‍යාගාරවල සිටි වෛද්‍යවරුන් හා කාර්ය මණ්ඩලය ද ඉන් ඉවත් වීමට කටයුතු කර ඇති බවයි.
රෝහලට පැමිණ සිටි  පාසැල් සිසුන් පිරිසකගෙන් අයෙක් විනෝදයට අදාළ හදිසි අනතුරු සංඥා නලාව ක්‍රියාත්මක කර තිබූ බවයි විමර්ශනවලින් අනාවරණ වී ඇත්තේ.
කෙසේ වෙතත් සංඥා පද්ධතිය අක්‍රිය කිරීම සඳහා වන මුර පදය අමතක වීම හේතුවෙන් එය නවතා දැමීමට ද බොහෝ කාලයක් ගතව ඇති බව සඳහන්.
අදාළ සංඥාව ක්‍රියාත්මක කරනු ලැබූ සිසුවාහට දැඩි ලෙස අවවාද කර ආපසු යැවූ බවයි බදුල්ල රෝහල් අධ්‍යක්ෂ හේමන්ත ද සිල්වා මහතා සඳහන් කළේ.

 

news24.lk
News24
sri lanka news 24
24 news